← Back to all songs
HYMN #B014

තුති කරනෙමි දෙවිඳුන්ට

Thuthi Karanemi Dhevinndhunta

තුති කරනෙමි දෙවිඳුන්ට මෙමා

රකිනෙමි එතුමගේ දහම් අමා

පුදනෙමි ගී තුති හද බැති පා

හද බැතියෙන් කරුණා ගුණ පා

දමිටු දයාවන් අප සමිඳා

ලොව සැම මුදනට පැමිණ එදා

අමරණීය වූ දෙසුම් දෙසා

දිවිදුනි අපගේ පාප නිසා

දෙවිඳුන්ගේ ගුණ සිහි කරලා

දිවි ගෙවතොත් පව් සැම දුරලා

නොමියෙන දිවියක් ලැබෙයි සදා

අනුව යමුව එක් වී සමිඳා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →