HYMN #B012
තුති ගී දෙමු දැන් හඬදී මුළු සිතින්
Thuthi Gee Dhemu Dhan Hanndadhee Mulu Sithin
තුති ගී දෙමු දැන්
හඬදී මුළු සිතින්
දෙවිඳුට බැතින්
මහත් දේ කළ බැවින්
මව් තුරුල්ලේ සිටන්
ගෙනාවයි සිරි දී
මඟ පෙන්වයි පෙමින්
මතුද රැක දී
ගුණ යුත් දෙව් තුමන්
ළංව අපට පෙමින්
සෙත් යුත් සමාදානෙන්
පුරවයි අප නිතින්
බෝ කරුණා ගුණෙන්
මඟ පෙන්වා සොඳින්
සුරකියි අප නිත් මෙහිදිත් සගේදිත්
තුති පැසසුම් දෙව් දෙවිපියාණන් හට
සග සේනා එක්වව්
හිමි පෙම වණන්ට
සදාකාලික වූ
සෙත් ලත් දෙවි තුමන්
ගී නඟව් උතුම් වූ
සගත් පොළොවත් දැන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →