← Back to all songs
HYMN #B015

තුති දී හිමි ගුණ වණමු

Thuthi Dhee Himi Guna Vanamu

තුති දී හිමි ගුණ වණමු

පැසසුම් ගී දෙමු නොවහිම් //

දෙවිඳුන් අප සැම සුරකියි

කුළුණෙන් සෙත් සිරි සලසයි //

අපි යදින යැදුම් සියල්ල

එතුමන් ප්‍රේමයෙන් සපුරයි - //

දෙවිඳුන් අප පැණ විසඳයි

අප බිය සැක සැම දුරලයි //

දුක හෝ සැප විඳින අප

ළඟ වෙයි දෙවිතුම නිතර - //

දක්වයි අප හට දෙවිඳුන්

නිමනැති පෙම පියෙකු ලෙසින් //

කුළුණෙන් හිමි මග පෙන්වා

ගෙනයයි යහමගම නිතින් - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →