← Back to all songs
HYMN #B017

තෙද බලැත් හිමි අප ගීතයයි

Thedha Balath Himi Apa Geethayai

තෙද බලැත් හිමි අප ගීතයයි

බලකොටුවද හිමිමයි

ජීවන අධිපතියාද අපගේ -

ජීවිත කාලයේම වේ පසස් - //

තෙද බලැත් හිමි අප ගීතයයි...

තුති පුද පා වැඳ බැතින් දෙව් පුත්

පැසසුම් පුදදෙන දූත අතරේ //

ප්‍රේමේ පා යැදුම් අප අසනා දෙව් තුම්

ඔබ වේ දෙව්තුම් පිය නැති සැමගේ //

දෙදෙනෙකු තිදෙනෙකු එතුම් නමින්

වසනා තැන හිමි සිටිත් අතරේ //

ප්‍රේමේ පා යැදුම් අප අසනා දෙව් තුම්

පසසව් අත්පොළසන් දී නිතිනේ //

තුති දෙම් මා මුවින් එතුම් නමින්

පසසාදී හිමි දූතුන් අතරේ //

එක්වී මා යේසුතුමා වෙත අඹරේ

සැමදා දකිම් එතුම් තෙද සගයේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →