← Back to all songs
HYMN

ස්වර්ගයේ කවුළු විවර වී

Svargayea Kavulu Vivara Vee

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ස්වර්ගයේ කවුළු විවර වී

ජල ගංගාවන් ගෙන්වා

පාපය මුළු පොලෝ තලෙන්

සියතින් අතුගා දැමුවා

ධමිටුකම පාපයෙන් මුදවා

නව ජීවය දුන් සමිඳා ඔබයි //

බලවත් යෙහොවා සමිඳා ඔබයි

සදාකල් ඔබ රජකම් කරයි

ගිවිසුම් රක්ෂා කරනා සමිඳා ඔබයි

ඔබේ විනිශ්චයන් සදා සත්‍යයි

හාලේලූයියා ///

ආමේන්

සමිඳුන්ගේ, සියළු කරුනාවෙන්

අනුග්‍රහය මෙලොවට ගෙන ආවා

පාපයේ දඬුවම වූ මරණය

කුරුසියේ යාගය මත පිදුවා

යේසුතුමන් අදහා පිලිගන්නා

සදාකල් ජීවනයේ මහිමය දකියි //

එම්මානුවෙල් සමිඳා ඔබයි

සදාකල් ඔබ රජකම් කරයි

මරණය පරදා නැගිටු සමිඳා ඔබයි

ජීවනයේ නාමය දරනා යේසුනි //

පද රචනය, තනු: ක්‍රිශාන් ඩොමිනික්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →