← Back to all songs
HYMN

ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහි ඔබේ නාමය ඔසවන්නෙමි

Svaamingea Aathmaya Maa Kerehi Obea Naamaya Osavannemi

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි - ඔබේ නාමය ඔසවන්නෙමි

ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි - ඔබේ නාමය නමදින්නෙමි

ඔබ අති ශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි //

දිළිඳුන් හට දෙව් වචනය දෙන්න - වහලුන් සැම නිදහස්වී යන්න

බිඳුණු සිත් සනසවාලන්න - ඔබගේ ආත්මෙන් මා රැගෙන යන්න

කරුණාවේ වර්ෂයයි ප්‍රීතියේ තෛලය වේ

ඔබේ අලේපේ මා සමගින් වේ

මා සමිඳුන් පෙර මග සදමින්නේ

ගර්භයෙ මා සැදුව සමිඳේ - මව් කුසටත් පෙර ඔබ මා හඳුනන්නේ

ජාතින් වෙත ඔබ මා ගෙනයන්නේ - මා මුව ඔබ ස්පර්ශ කරන්නේ

කරුණාවේ වර්ෂයයි ප්‍රීතියේ තෛලය වේ

ඔබේ අලේපේ මා සමගින් වේ

මා සමිඳුන් පෙර මග සදමින්නේ

ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි - ඔබේ නාමය ඔසවන්නෙමි

ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි - ඔබේ නාමය නමදින්නෙමි

ඔබ අති ශුද්ධයි අලංකාරයි තේජසේ රජතුමනි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →