← Back to all songs
HYMN

ස්වාමින් වහන්සේට ස්තුති කරමු

Svaamin Vahanseata Sthuthi Karamu

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ස්වාමින් වහන්සේට ස්තුති කරමු

පිය දෙවිඳුන්ගෙ නාමයට ගෞරව දෙමු

කඳුලැල් නෙතේ, සිඳිලා ගියේ

දෙව් අභිමුවේ, ප්‍රීතිය ඇතේ

කඳුලැල් නෙතේ, සිඳිලා ගියේ

දෙව් අභිමුවේ, ප්‍රීතිය ඇතේ

ස්තුති ප්‍රශංසා ගායනා, අප මුවේ තවරා

හඬමින් ගිය මග ජීවිතේ, ප්‍රීතියට පෙරලා

කඳුලැල් නෙතේ, සිඳිලා ගියේ

දෙව් අභිමුවේ, ප්‍රීතිය ඇතේ

ස්වාමින් වහන්සේට ස්තුති කරමු...

පුදුම දේ කල රජතුමන්, පවිටු අප දිවියේ

වහල් බැමි බිඳ නිදහසින්, නැවත ගෙන ආවේ

යහපත්කමින්, කරුණාගුණෙන්

පිරිපුන් රජුන්, පසසමු හදින්

ස්වාමින් වහන්සේට ස්තුති කරමු...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →