← Back to all songs
HYMN

බලය ඒ නාමය, සුවය ඒ නාමය

Balaya Ea Naamaya Suvaya Ea Naamaya

බලය ඒ නාමය, සුවය ඒ නාමය

මිදීම ගෙනදෙන නාමය

මගේ යේසුනි ඒ ඔබගේ නාමය

මගේ යේසුනි ඒ ඔබගේ නාමය //

ඔබෙ සළුවට මා අතගැසුවත් ඇති

මගෙ රෝගය සුව වේ

ඔබ එක් වදනක් මට කීවත් ඇති

මගෙ ජීවය වෙනස් වේ //

බලයේ නාමය, සුවයේ නාමය -

මිදීමේ නාමය, මගෙ යේසුස්ගේ නාමය - //

බලය ඒ නාමය... x 1

අන්ධ වෙලා මා මහ මඟ සිටියා

මගේ නෙත් පෑදූවේ

රෝගාතුරු වී යහනේ සිටියා

ඔබ මට අතගැසුවේ //

බලයේ නාමය, සුවයේ නාමය -

මිදීමේ නාමය, මගෙ යේසුස්ගේ නාමය - //

බලය ඒ නාමය... x 1

කුණාටුවේදී සැඩ සුලඟේ මහ -

සයුරේ මා සිටියා

ඔබ මගේ ඔරුවේ සිටිය නිසා

මගේ දිවි ගැලෙවූවා //

බලයේ නාමය, සුවයේ නාමය -

මිදීමේ නාමය, මගෙ යේසුස්ගේ නාමය - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →