← Back to all songs
HYMN #B349

ස්වාමින් තුළේ හැසිරෙන්නන්ටා

Svaamin Thulea Hasirennantaa

ස්වාමින් තුළේ හැසිරෙන්නන්ටා

දේය වෙන්කර හසුනා

හිමමෙන් පිවිතුරු සුදු වතින් සැරසී

මහිමෙන් හිමි හා දිලෙමින්නා

කාලික ලෝ නොව සදාකාලේ

හිරුමෙන් දමිටුන් දිලේ

වීදි රනින් යුත් ආසිරිලත් දේසේ

රැයක් නොමැති වේ ඒ ස්වර්ගේ

සුසුදන්ගේ වදන් වීණා සේ

ප්‍රේමෙ ගී නදින් හමුවේ

විකුමැති හස්තෙ සැමදේ පෙන්වනා

හිමි අදහස දැක තුටුවන්නා

මේස පොවුන් හා දිනූ සුසුදන්

සියොන් මතුයේ සිටිනේ

කැලුමෙන් දිලෙන මේ සාලෙම් නගරේ

රුවනේ කිරණින් බැබළෙන්නේ

නව දෙරණේ වේ මිදුම්ලත්තන්

ප්‍රීතියෙන් එහි වසනේ

දිව්‍යපුරේ වැඩ නිමකළෙ යෙහොවා

තේජසින් මාළිගෙ දිස්වෙන්නා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →