HYMN #B235
ස්වාමින් තුළ නිතරම ප්‍රීති වෙමු
Svaamin Thula Nitharama Preethi Vemu
ස්වාමින් තුළ නිතරම ප්‍රීති ප්‍රීති ප්‍රීති වෙමු
මගේ සිත පාපෙන් පිරිලා
මිදුමක් නොමැතිව සිටියා දුකින්
මා සොයමින් ආ යේසු තුමා
පිණවූයෙන් මා ප්‍රීතියෙනා
ස්වාමින් තුළ නිතරම...
මාගේ ගැලවුම්කරු සමිඳා
පාප බලෙන් මා මිදූ බැවින්
මා සිත සෝදාගනු විලසා
කුරුසිය වෙත එමි ප්‍රේමයෙනා
ස්වාමින් තුළ නිතරම...
මාගේ පව් දැන් සේදී ගියා
යේසුස්ගේ අනගි ලෙයින්
මා දැන් ස්වාමින් හා සමඟා
ජීවත් වන්නෙම් ඇදහිල්ලෙන්
ස්වාමින් තුළ නිතරම...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →