← Back to all songs
HYMN

ස්වාමින් මගේ එඬේරානණ් නිසා

Svaamin Magea Enndearaanan Nisaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ස්වාමින් මගේ එඬේරානණ් නිසා

හිඟයක් නොම වෙයි කිසිදා

නිල් ගොදුරු බිම් වෙතට මට මඟ පෙන්වලා

නිසල් දිය වෙත මා ගෙනයන්නා...

මගේ ආත්මයා ප්‍රාණවත් කරයි

දමිටුකමේ මග මා ගෙනයයි

ඔබෙ නාමේ නිසා, ඔබෙ නාමේ නිසා

ඔබෙ දමිටු වූ නාමේ නිසා

මරණ සෙවනේ මිටියාවත මැදදි වුවත්

කිසි උවදුරකට බිය නොම වෙමි මා

එතුමන් දන්ඩෙන් සැරයටියෙන් මා සනසමින්

මේ දිවි මඟ මා ගෙනයන්නා...

මරණ සෙවනේ මිටියාවතේ

කිසි උවදුරකට බිය නොම වන්නෙම්

ඔබ මා හා නිසා, ඔබ මා හා නිසා

ඔබ සැබවින්ම මා හා නිසා

සතුරා හමුවේ ඔබ මා හට භෝජන සපයා

මගෙ හිස තෛලෙන් ආලේප කලා

ප්‍රීතිය හා සාමය ඔබ මට ගෙන දෙමින්

මගේ කුසලානය උතුරා ගලනා

යහපත්කම හා කරුණාගුනේ

දිවියේ සැමදා මා පසුපස එන්නේ

සදාකල්හි මා, සදාකල්හි මා

සදාකල් ඔබ පූර්වයේ වසනේ

සදාකල්හි මා, සදාකල්හි මා

සදාකල් ඔබ පූර්වයේ වසනේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →