← Back to all songs
HYMN

ස්වාමින් දෙස පමණක් මගේ ආත්මය බලා සිටියි

Svaamin Dhesa Pamanak Magea Aathmaya Balaa Sitii

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ස්වාමින් දෙස පමණක්, මගේ ආත්මය බලා සිටියි

මාගේ බලාපොරොත්තුව දෙවිඳුන් සමගමයි

ස්වාමින් දෙස පමණක්, මගේ ආත්මය බලාසිටි‍යි

මා හද තුල ප්‍රීතිය දෙවිඳුන් ඇති නිසයි

නොසැලී සිටිනට, එතුමා බලකොටුවක් වේ -

සැඟවී සිටිනට, පියාපත් සෙවනක් වේ - //

බලය අයිති ඔබටයි කරුණාවත් ඔබමයි

බලය අයිති ඔබටයි දෙවිඳුනි කරුණාවත් ඔබමයි

ස්වාමින් දෙස පමණක්, මගේ ආත්මය බලා සිටියි

රැකවල් කරනට, පළිහක් වේ ඔබ -

සැමවිට ජය දෙන, පර්වතයකි ඔබ - //

බලය අයිති ඔබටයි කරුණාවත් ඔබමයි

බලය අයිති ඔබටයි දෙවිඳුනි කරුණාවත් ඔබමයි

ස්වාමින් දෙස පමණක්, මගේ ආත්මය බලා සිටියි

මාගේ බලාපොරොත්තුව දෙවිඳුන් සමගමයි

ස්වාමින් දෙස පමණක්, මගේ ආත්මය බලාසිටි‍යි

මා හද තුල ප්‍රීතිය දෙවිඳුන් ඇති නිසයි

පද රචනය, තනු: ඩෙරික් දිසානායක

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →