← Back to all songs
HYMN #B356

සුවය අද තිබේ අදහා ඒ බලේ

Suvaya Adha Thibea Adhahaa Ea Balea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

සුවය අද තිබේ අදහා ඒ බලේ

මාරුනොවේය යේසුගේ

දිව්‍ය වූ ඒ වචනේ

රෝග සැමා එදා කුරුසෙ මත දරා

පවිටු දනට ප්‍රේමේ පෙන්වා

ජීවනේ පුදා

සාතන් පරදවා සිරස පොඩි කළා

කුරුසෙ බලයෙන් ජයගෙන ආ

ක්‍රිස්තුස් හිමි තුමා

දේව දරුනටා දිව්‍ය සුව ගැනා

කීසේක දේව වචනේ යෙහෝවා

අදහා එනු මැනා

යේසුතුම් බලේ හීනවී නැතේ

අදහා එනුව දේව හස්තේ

සැණින සුව ලැබේ

යේසු බලයෙනා ප්‍රේමෙන් පිරි මෙදා

දිව්‍ය වූ වචනෙ එවමින් සැමටා

රෝග බලේ නසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →