← Back to all songs
HYMN

සූදානම්ද, මොහොතක් නවතින්න

Soodhaanamdha Mohothak Navathinna

මොහොතක් නවතින්න, දෑස් හැර බලන්න

ලොව විනාශවී යන බව ඔබ හට වැටහේ

මිනිසුනි මෙය පිලිගන්න, අවසානය අතලඟය

දෙවිඳුන් යලි එන මඟ සලකුණු ලොව සිදුවේ

සූදානම්ද, සූදානම්ද...

යේසු රජුන් යලි පැමිණෙයි අප ගෙනයන්න //

ව්‍යාජ ධම් පැතිරී, මිනිසුන් මුළාවී

වස්තු තෘශ්ණාවෙන්, බොහොමයක් වැනසෙයි

ගාවිනා පොළොවේ, දස අතින් පැමිණෙයි

යුධ ගිණි රෝදුක් පීඩාවෙන් ලොව කැළඹෙයි

දෙවිඳුන් යලි එන මඟ සලකුණු ලොව සිදුවේ

නොසිතනා මොහොතේ දෙව් රජුන් පැමිණේ

සූදානම් වූවන් ඔසවා ගනු ඇතේ

ඔවුන් මතු සගයේ සදා ජීවත් වේ

අවසානය තෙක් මේ දේ ඔබ අදහන්න

දෙවිඳුන් සැනෙකින් යලි එන බව දැනගන්න

මොහොතක් නවතින්න, දෑස් හැර බලන්න

ලොව විනාශවී යන බව ඔබ හට වැටහේ

මිනිසුනි මෙය පිලිගන්න, අවසානය අතලඟය

දෙවිඳුන් යලි එන මඟ සලකුණු ලොව සිදුවේ

සූදානම්ද, සූදානම්ද...

යේසු රජුන් යලි පැමිණෙයි අප ගෙනයන්න

සූදානම්ද, ඔබ සූදානම්ද...

යේසු රජුන් යලි පැමිණෙයි අප ගෙනයන්න

පද රචනය, තනු නිර්මාණය හා ගායනය:

දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →