← Back to all songs
HYMN #B041

සුද්දවරු ගී දෙත් ජය හඬින් හාලෙලූයා වේ

Sudhdhavaru Gee Dheth Jaya Hanndin Haalelooyaa Vea

සුද්දවරු ගී දෙත් - ජය හඬින්

හාලෙලූයා වේ! හාලෙලූයා වේ!

ස්වර්ගේ හඬ ඇසේ දෙව්දුතුන්ගෙන්

හැරියාය දිව්‍ය ලෝකේ

මහිමේ ගී දෙම්, මහිමේ ගී

මහිමේ ගී දෙම්, මා මිදුවා

යේසුස්ට දෙව් හලෙලූයා ගී

මා සිත් යේසු වැඩියා

පුදුම සමාව - මට දුන්නා

හාලෙලූයා වේ! හාලෙලූයා වේ!

සිත් තුළට ආවා - හිමි වෙතින්

අනර්ඝමයි යේසු නාමේ

මේ ලෝකේ දෙව්ලෝකෙ මෙන්ම වුනා

හාලෙලූයා වේ! හාලෙලූයා වේ!

ඉදිරියටම යම්ම් - ජය ලැබී

ඔබ ප්‍රේමෙන් - සිත පිරී

දවස මුළුදා - මගේ ගීය

හාලෙලූයා වේ! හාලෙලූයා වේ!

සදාකාල ප්‍රේමෙන් - සිත් උතුරයි

කෑ ගසම් - මිදුම් ගීය

එමි ඔබ වෙත මම් - ඉක්මනින්ම

හාලෙලූයා වේ! හාලෙලූයා වේ!

මුතු දොරින් එහා - රජුන් වඳිම්

රුවන් යේසු - එදා දකිම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →