HYMN #B348
සුද්ද සියොන් කඳු මත (යන්ට කවදා ලැබේද)
Sudhdha Siyon Kanndhu Matha Yanta Kavadhaa Labeadha
සුද්ද සියොන් කඳු මත
සුද්දවරුන් සිටිති
බැටලු පැටිතුම් එක්ව
අලුත් ගීය නඟති
යන්ට කවදා ලැබේද?
ක්‍රිස්තුස් එක්ව සියොන්ට
ඉන්ට කවදා ලැබේද?
එක්වී උතුම් රැලට
කරුණාවේ ශබ්ද ඇසේ
වීණාවන් සේ සියොනේ
පියාණන් සමගිකමේ
මිහිරෙන් මිහිර වේ
සොවින් වැපිරුවූ බීජ
අනර්ගව මහිමේ
මිදූ වස්තුවක් සේ පෙනේ
හිමි යටත් පාමුල
ප්‍රථම ඵල මිදුම්ලත්
මිළ කරන්ට නොහැක්
විශ්වාසකමෙන් දිනාගත්
සිහසුන් ඔවුන්ට ඇත්
ඉදිරිපිට පියාණන්
සේවය කරන්නටත්
විශ්වාස ජයලත් දාසුන්
එහි සැරසී සිටියි
දිනුමේ ත්‍යාග දිවීමේ
තිර සවියෙන්ම වේ
උසස් ස්වර්ගේ උරුම වේ
පූර්ණ සුදනන්ට වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →