HYMN #B335
සුද්ද සේනා ඉඳිත් ඒ පුර (ප්‍රීති ප්‍රීති ශුද්ධ සේනා මැද)
Sudhdha Seanaa Inndhith Ea Pura
සුද්ද සේනා ඉඳිත් ඒ පුර
දිව්‍ය රම්‍ය ඒ දෙව් මැදුර
කෙරුබ් සෙරුප් බියෙන් නිතර
ගී නගත් රජුට ඒ පුර
ප්‍රීති ප්‍රීති ශුද්ධ සේනා මැද
අහෝ මා කවදා දකිම්ද?
මගේ යේසු නිමල් පෙම්කඳ
තේජසින් සගයේ දෙව් දූතුන්
එනවා හොරණෑ නාදයෙන්
පෙම්බර ශුද්ධ සෙන් සමඟින්
අපේ යේසු රජ ඉක්මනින්
සොහොයුරු නෑ බන්ධු මිතුරු
අපෙන් වෙන්ව ගිය දෙගුරු
හිමි වැළඳගත් දූදරු
සම්භ වේ ඒ දින බෝගරු
පෙනෙන්නා ලෝ සැම ලකුණු
හිමිගේ වදන් ලෙස් කරුණු
සොඳිනා සිදුවේ බලනු
නොපමා හිමි එයි සිතනු
පෙම්බර සුරිඳුන් වැළඳ
දෙව්දරු සැවොම පිබිද
ලෑස්තිද සම්භවෙන්ට සොඳ
අපෙ යේසු රජු පෙම්කඳ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →