← Back to all songs
HYMN #B042

ස්තුති කරව් යේසුස්ට සැමදාම ස්තුති කරව්

Sthuthi Karav Yeasusta

ස්තුති කරව් යේසුස්ට

සැමදාම ස්තුති කරව් යේසුස්ට //

ස්තුති කරව් දේව දාසුන්

ඔබෙ නාමෙට මහිමය දෙන්ට //

අද ඔබ ළඟට එක්සත්වෙට

දැන් දුන් කරුණාවට //

අපි සැම දෙනම

නමදිමු ඔබ උතුම් පාමුළ //

මෙපමණ උසස් වූ ස්ථානයක්

මට දෙනු ලැබුවේ //

මගෙ කිසි හොඳක් නෑ

ඔබගේම කරුණාව පමණයි //

ස්වර්ග ලෝකේ දෙව් දූතුන්

නිරතුරු සුමිහිරි ගී නදින් //

නොනැවති ප්‍රශංසා

ගෞරවය දෙන්නේ ඔබ ස්වාමින්ටයි //

රජවරුන්ගේ රජුන් ඔබහැර

ගැලවුම්කරුවෙක් නෑ //

බබළන රුවැති

පියාණන් ළඟම ඉන්න යේසුනි //

ඔබ හැර කෙනෙක් නෑ

ජීවනය දෙන්න්ට ස්වර්ග ලෝකයේ //

ඔබ වාගේ කෙනෙක් නෑ

මෙම ලෝකේ සමාගම් පවත්වන්ට //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →