← Back to all songs
HYMN

ස්තුති ගී දෙම් ඔබ හට - මා ජීවිතේ සෑමදා

Sthuthi Gee Dhem Oba Hata

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ස්තුති ගී දෙම් ඔබ හට - මා ජීවිතේ සෑමදා

ජය ගොසින් ප්‍රශංසා දෙම් - ඔබ උතුම් නාමෙටා

සුදුසුමයි ගෞරවය - ලබන්නට ඔබ නම්

පිරිසිදු කරන් අප - දවමින් ගින්නෙන්

ශුද්ධාත්ම ගින්දරමයි ඕනෑ

කිලුටු ආශා තවත් නෑ

වඩින් මෙමා තුළ රජ කරන් මුළුමනින්ම

දිව්‍ය ආලෝකෙන්ම පුරවන් සිත මෙමා

මා නිසා ඔබ දිළිඳු වුනා මාගේ යේසුනේ

ගෙත්සෙමනේ දාඩිය ගැලුවා ලේ බිංදු වගේ

ඇන්නේ ඇලයටත් ලේ හා දිය ගලා යන තෙක්

මුදන්නට ශාපෙන් මාව නේද ගත්තේ දුක්

බිඳින් සෑම රූප මාගේ පන්නා සතුරන් සැමා

ජාති වංශ කඩාදමා දූවිල්ල මෙන් කරමින්

හිස් කරන් මා පුරවමින් ඔබ දිව්‍ය ආත්මයෙන්

හිම මෙන්ම සුදු කරන් සෝදා මා පවින්

අඳුරු වලාකුල් ආවත් මුළා වෙන්ට මා ගියත්

සාතන් මාව රැවටුවත් බලම් හිමි මූණ දෙස්

අනුමාන බය සෑම දුරුවේය සැණෙකින්

නිර්මලවූ මා යේසුගේ සර්ව බලයෙන්

කරුණාවෙන් ඔබ බලේ මාගේ සිත්හි පුරවන්

යේසුස්ගේ කුරුසියට මාව මේ දැන් හා කරන්

ලේ ගඟේ මා නාවා දිව්‍ය සළුවෙන්ම පළඳන්

තීන්දු කරන් මහත් වැඩේ දිව්‍ය ආලේපෙන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →