← Back to all songs
HYMN #B334

සූදානම් වේ සූදානම් වේ ස්වාමින් මහිමයෙන් බැස එන ඒ

Soodhaanam Vea Svaamin Mahimayen Basa Ena Ea

ස්වාමින් මහිමයෙන් බැස එන ඒ

ඇසිපිය හෙලන කලේ

පිබිද ලෑස්තිව සුද්දව සිටිව් -

සම්මුඛ වෙන්ට හිමි - //

සූදානම් වේ සූදානම් වේ

යේසු රජු දකින්ටා

සූදානම් වේ සූදානම් වේ

යේසු සමඟ යන්ටා

ජාතින් සියල්ලෙනි සූදානම් වේ

තේජසේ දින පැමිණේ

සියලු ලකුණු සම්පූර්ණ වේ -

ඒ දිනේදී හිමි වඩිනේ - //

දේවදුතුන් හොරණෑ රැගෙනා

සඟ සුද්දවතුන් සමඟා

පූර්ණවූ සභාව ගෙනයන්ටා -

ඒ විය හිමි සමඟා - //

දවාල පහවී රාත්‍රිය ඒ

පව් බර ලෝකයටා

සේවය කරනට හිමි රජුටා -

දවාල තිබෙන විටා - //

එදිනෙදි ලෑස්තිව නොසිටියොතින්

දුක්වෙන්ට සිදුවේවි

බලවත් විපත පැමිණේ විගසින් -

සැමවිට සිටිව් පිබිදී - //

සියොන් ගොඩනැගුණු විගසා

එන්නේය මහිමේ රජා

සෝදිසියෙන් ජයගන්න සැමා -

ඇතුල්වේය තේජස් රටටා - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →