← Back to all songs
HYMN #B347

සියොන් රුවින් දිලෙනා

Siyon Ruvin Dhilenaa

සියොන් රුවින් දිලෙනා

මිහිරි ගී නද ඇසෙනා

බබලන හිමි උවනා පෙනෙනා

කෙතරම් වේ මහිමා

ජයලත්තන්ගේ දිනුම වේ පූර්ණ වූ

උතුම් මනරම් සියොනා

දිලිසෙන මහිමෙන් සුරැසුන මනාලී

තේජසේ දිස්වෙමිනා

හිමි දාසුන් නිත් සේවයෙනා

පියාණන් ඉදිරියෙනා

මහිමැති මහිමැති මේසපොව්තුම්

එහි ප්‍රීතිය වේ එදිනා

අත්තිවාරමේ ක්‍රිස්තු දෙවිතුමන්

මුල්ගල වේ සියොනේ

සමිතුම ගොඩනැඟූ අනගි පුරෙහි

පූර්ණ සුදන් සිටිනේ

උතුම් ඒ රැල සමඟා එදිනේ

නව ගී ගයමින්නේ

කැඳවීම පිළිගෙන තම දිවි මිහිපිට

ගෙව් සුසුදන් වෙසෙනේ

යෙරුසාලෙම් පුරේ මුදුනෙහි සුද්දවූ

කන්ද තේජසින් පෙනෙනා

දිනිසුරු රැසටත් වැඩි යුතු මහිමෙන්

සුදනන් බැබැළෙන්නා

ජලගොස සේ ගී නාදයෙනා

දෙවිඳුන් නම දරනා

කිතුතුම සමඟින සුනිමල්

සියොනේ ජයලත්තන් වසනා

මල්කම් කළාවූ සේලයෙන් සුසැදි

මනාලි සන්තෝෂෙන් පෙනෙනා

සැම සටනින ජය ලැබ ඒ සේනා

සදාකල්හි එහි වසනා

සමිතුම් සමඟින රජ කරනා

උරුමය ලැබ එදිනා

හිමි අදහස පූර්ණ කළවුන් කිරුල

දිනා රුවිනා දිලෙනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →