← Back to all songs
HYMN #B346

සියොන් දුවණිය තිගේ

Siyon

සියොන් දුවණිය තිගේ

රජුන් රුව බලන්

පැළඳ ඔටුණු හිසේ

සරණ ගත් දිනේ

ගන්ධරස කපුරු හා

මිහිරි සුවඳින්

ප්‍රීති තෙලින් ආලේප වී

ආසිරිලත් නොමින්

මනුෂ්‍ය පුතුන්ට වඩා

මහිමෙත් තේජසත්

ඇති ස්වාමිතුමන් වඳින්

දුවේ රජුන් රුවැත්

ඕපිර්හි රනින් සැරසි

බිසව් දකුණින් ඇත්

පෙම් කොඩිය යට සිටි

ඇතුල් ඒ කාමරේ

ජය කොන්තෙත්, සිංහාසනෙත්

සදාකල් පවති

නැඟී වඩින් මහිමයෙන්

මා පෙම්වතාණෙනි!

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →