HYMN
සියලු බලැත් දෙවිඳුනි ඔබ නාමේ ඔසවමි
Siyalu Balath Dhevinndhuni Oba Naamea Osavami
සියලු බලැත් දෙවිඳුනි
ඔබ නාමේ ඔසවමි
මේ ලෝ සම්පත් වලට වඩා
ඔබ හට ඇළුම් වෙමි //
අහසත් පොළොවත් මැව්වේ ඔබයි
මුහුදත් ගොඩබිමත්
තුරුලිය හා ගංගා මැව්වේ ඔබයි
විහඟුන් බිඟු කැලත්
ඔබගේ රුවින් මා මවා
ප්‍රේම කලේ ඔබයි
සියලු බලැත් දෙවිඳුනි...
සග ලෝ හැරදා මා වෙනුවෙන්
මනු ලෝ වැඩියේ ඔබයි
කුරුසියෙදී දිවි හී මා වෙනුවෙන්
පූජා වූයේ ඔබයි
මරණය පරදා උත්ථාන වූ
ජීවමාන දෙවිඳුන් ඔබයි
සියලු බලැත් දෙවිඳුනි...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →