← Back to all songs
HYMN #B117

බලව් දෙව් පුත්, කුරුසේ, කුරුසේ

Balav Dhev Puth Kurusea Kurusea

බලව් දෙව් පුත් - යේසුස් බලව් -

කුරුසේ, කුරුසේ

අප නිසා ලේ වැගිරෙව් - කුරුසේ //

කන්දෙව් හඬ සියල්ලෙනි

ඒලී ලාමා සබක්තානි

ඒ හිමි දිව් දෙව් දුකිනි -

කුරුසේ, කුරුසේ

විදා ඇති දෑත බලව් -

කුරුසේ, කුරුසේ

ලේ වැස්සෙන අත් පා බලව් -

කුරුසේ, කුරුසේ

ඉර එලිය නොමදෙයි

අහස ගනඳුරු වෙයි

යේසුස් පාප බල බිඳියි -

කුරුසේ, කුරුසේ

මහත් ගිවිසුම ලඟයි -

කුරුසේ, කුරුසේ

සටන් කොට ජය ලබමි -

කුරුසේ, කුරුසේ

ඒ හිමි බලා සගය -

කී සේක ඉතින් නිමය

නමා හිස දිව් දුනිය -

කුරුසේ, කුරුසේ

ගී කියම් කුරුසේ ගැන -

කුරුසේ, කුරුසේ

තුටු නොවම් අන් දේ ගැන -

කුරුසේ, කුරුසේ

තේජසක් මට නෑ වෙන -

දෙලෙව් තුල් හී කිසි නැත

මා නිසා යේසුස් දුන් පන -

කුරුසේ, කුරුසේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →