HYMN #B143
ආරංචි පවසන්න සැමතැන්හි මේ ලෝ
Aaranchi Pavasanna Samathanhi Mea Loe
ආරංචි පවසන්න සැමතැන්හි මේ ලෝ
ආසේක ශුද්ධාත්මයාණෝ
දිව්‍ය වදන් සේම ශුද්ධාත්මේ වගුරයි
මේ අන්තිම වැස්සමයි
යෞවනයෝ දර්ශන
වැඩිහිටියෝ සිහින
දකිනෝය මේ කාලයේ
රාත්‍රී ඉකුත්වීය ප්‍රීති උදය වී
සේවේ කරව් ආත්මයෙන්
කඳු අතරෙන් රන්වන්වූ
හිරු නැගලා එන්නේය
දහවල් වී ආලෝක දේ
පාපේ වහල් වී සිටින්නා වූ දනටා
පූර්ණ මිදීම ලැබේ
පව්කරුවන් සැමාට
දෙව් තුමගේ දයාව
කරුණාව ඇත්තේ මෙදා
ශුද්ධාත්මයෙන් පූර්ණ වී
සෑම දවසේ
ආත්මෙන් යෙදෙව් සේවයේ
කිතු තුමගේ සභාව
ගොඩනගමින් සම්පූර්ණ
කරනෝය ශුද්ධාත්මයෝ
ස්වාමින්ගේ ඊම ඉතාමත්ම ළංවේ
මේ අන්තිම වැස්සමයි
ඉවසිලි වී සිටින්න
ඵල උදෙසා අනර්ග
ගොවි රජා එන්නේමය
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →