HYMN
සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ
Seemaavak Nathi Nimaavak Nathi Preamea
සීමාවක් නැති නිමාවක් නැති
ප්‍රේමේ තුළ මා දැරුවේ ඔබයි
ලේ වල මිලෙන් මා මිළදී ගත්
අබ්බා පියාණනි ඔබයි
අබ්බා පියාණනි ඔබයි ////
දිනෙන් දිනේ නැවුම් කරුණාවෙන්
මා ජීවත් කළේ ඔබයි
සදාකාලිකව නොවෙනස් වන්නාවූ
දේව රජිඳා ඔබයි //
අඳුරෙන් එළියට මා ගෙනවිත්
නව දිවියක් දුන්නේ ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ රජිඳා ඔබයි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →