← Back to all songs
HYMN #B216

බාර වෙමි මෙමා ඔබෙ අතටා

Baara Vemi Memaa Obe Athataa

බාර වෙමි මෙමා ඔබෙ අතටා

මා කැමැත්ත හැරදා

මාගේ ගැලවුම්කරු මිතුරු

සමිතුම් සැනසුම්කරු සොඳුරු

මගේ අයිතිකාර එඬේරා

ඔබතුම වෙයි ගරු වූ

මා දිවි සැලැස්මක් නැත මා හටා

නොපෙනේ ඉදිරි පියවර මා

ඇදහිල්ලෙන් පාද නගා යම්

ඔබ අත අල්ලා ගෙනා

පූජා කරමින් සිත ඔබටා

ඔබගේ කැමැත්ත කරන ලෙසා

පිරිසිදුවෙන් තබනු සිත්

පළමු පෙමින් පුරවා

යාච්ඤා කරමි නොකඩවම

මෙලොවේ වසනා සැම දිනම

සතුරු බලේ අද සුන් වේ

ඔබ මගේ ප්‍රීතිය වේ

පාපේ රස හා ලොව සැපතා

පොළවේ මහිමේ මෙමට එපා

දිළිඳු හිමි පසු පස්සේ

යමි කුරුසිය රැගෙනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →