← Back to all songs
HYMN #B157

ශුද්ධ ආත්ම දෙවිඳුනි පෙමින්

Shudhdha Aathma Dhevinndhuni Pemin

ශුද්ධ ආත්ම දෙවිඳුනි පෙමින්

ඔබ දරුවන් වෙත වඩින්

ආශිර්වාද ගෙන දෙමින්

ගෙනයන් මග පෙන්වමින්

මග පෙන්වන් සමිඳු අතින්

පෙර ඊශ්‍රායෙල් සෙනගට මෙන්

කානාන් දේශයට රුවැත්

ගෙනයන් මග පෙන්වමින්

මේ අඳුරු වනයේ මැදින්

නිසල් දියෙන් හා රළු මූදෙන්

යන අතර සමිඳුන්

ගෙනයන් මග පෙන්වමින්

සියල්ලේදිම ස්තුති දෙමින්

ආලෝකේ දරුන් මෙන් වසමින්

ඔබ කරුණා බලයෙන්

ගෙනයන් මග පෙන්වමින්

ඔබගේ පියාපත් සෙවනේ

අග දක්වා රක්ෂා කරන්

එනතෙක් තේජස් මහිමේ

ගෙනයන් මග පෙන්වමින්

ජයෙන් දෙව්තුමා එන දින

මහත්වූ මංගල්‍යය දින

ප්‍රීතියෙන් ඇතුල්වනතෙක්

ගෙනයන් මග පෙන්වමින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →