HYMN #B295
ශ්‍රීමත් යේසුගේ මාර්ගෙ යමි
Shreemath Yeasugea Maarge Yami
ශ්‍රීමත් යේසුගේ මාර්ගෙ යමි
ප්‍රේමේ හස්ත්ය අල්වා නිති //
අනගි පේමැති ශුද්ධ දෙව්හිමි
මෙමට ශක්තිය දී සොඳිනි
පෙර ඊශ්‍රායෙල් හට මාර්ගෙ පෙන්නුව සේ
මෙමා ගෙනයන් වනෙහි
අඳුරු වේ වන මූද වේ රළු
අනෙක පීඩා වේ අවටා
බැතිනි ඔබේ සෙවනේ රැකී ඇවිදිම්
නැතේ බිය දිව් හිමියෙන්
දෙමින ආහර මන්නා ස්වර්ගික
සවිකරන් ආත්මේ නිතරා
සුර ජීවනේ අම පැන් පොවා ඔබතින්
පිපාසය සංසිඳුවන්
දෙවිඳුනි ඔබ මා කෙරේ වත
බබළවා ආලෝක දෙනූ
ඉවසීම හා යටහත්කමින් පළඳා මෙමා
බැතිනා පුරවන්
දිවිය මේ ලෙස යේ ගෙවී සෙද
උදය රන්වන් එයි සැණිනා
හමුවේ කිතුන් මෙමගේ දිවුම් නිමවේ
ලැබේ ජය ඒ දිනයේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →