← Back to all songs
HYMN

සෙනෙහස ගලා ගියා

Senehasa Galaa Giyaa

~ අනුවාදනය x 2 ~

සෙනෙහස ගලා ගියා

මට ආදරේ නිසා

රුධිරය ගලා ගියා

මගෙ පව් බර නිසා //

සමිඳුනි ඔබ මා ගැන සිතන්නට

මා සතු වටිනාකම කිමදෝ //

සිතා ගන්න බෑ දෙවිඳුනි මාහට

මෙතරම් ඔබ ආදරේ කියා

මෙතරම් ඔබ ආදරේ කියා

සෙනෙහස ගලා ගියා... x 1

ඔබ මැව් සැමදේ මටම භාරදී

යටත් කරන්නට මා කව්දෝ //

සත් සමුදුර සැම සතුන් කෙරේ

අධිපතිකම දුන්, සමිඳේ

බලය දුන්නු දෙවිඳේ

සෙනෙහස ගලා ගියා... x 2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →