← Back to all songs
HYMN

සීතල උඳුවප් මාසේ

Seethala Unndhuvap Maasea

සීතල උඳුවප් මාසේ

බෙත්ලෙහෙමේ රෑ අහසේ

රුවින් දිලෙන තනි තරුවක්

ගව ඔරුවේ දෙව් කුමරෙක්

යේසු බිළිඳුනේ - සාමේ රජිඳුනේ

ප්‍රේමේ කුමරුනේ - ලොව පැතුම වූයේ

බිලිඳු මුවේ ඇති සුරතල් සිනහව

පුබුදයි සෑම දනා

අප හද මඬලේ ඔබ නිති රජවේ

සාම කුමරුවනේ

අවිඳු අඳුර දුරු කෙරුමට ලෝකයේ

ඔබ අප වෙත ආවා

දෙව් පියතුම අප සැමහට එන ලෙස

කුළුණු ගුණය පෑවා

දිළිඳුන් සැනසෙයි බැතිමල් පුද දෙයි

නත්තල උදා වෙලා

සාමයේ අරුණළු පැතිරී දස අත

මුළු ලොව එකළු කලා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →