HYMN
ඇයි යේසුනි මා නිසා මෙතරම් ප්‍රේම කළේ
Ai Yeasuni Maa Nisaa Metharam Preama Kalea
ඇයි යේසුනි මා නිසා
මෙතරම් ප්‍රේම කළේ
මුළු ලොවටම එපා වූ මා
ඇයි ඔබ හට ඕන වුනේ
අසරණ වී මා තනිවී
සිටිනා විටදී ඔබ මා කැඳවූයේ
සරණය වී ඒ දිනයේ
යේසුනි ඔබමය මට ප්‍රේමය වුයේ
ඇයි යේසුනි මා නිසා...
මා පිය සෙනෙහස නොමැතිව වැලපෙන්නෝ
සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ
සිදු වූ වරදට කමාව අයදින්නෝ
සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ
සැම යේසුතුම් කැඳවයි
මෙදිනේ ප්‍රේමයෙන්
හමුවන්න කිතු සෙනෙහසින්
ඇයි පමා ඔබ ඉතිං
ඇයි යේසුනි මා නිසා...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →