← Back to all songs
HYMN #B039

සව්කල් සැමතැන වැඩ වසනා

Savkal Samathana Vada Vasanaa

සව්කල් සැමතැන වැඩ වසනා

දෙව්තුම් නැන බල මහිමයෙනා

දිවා රැය වා හිරු සඳු තරු මිගු මසු

සියොතුනැ මැව් තෙදිනා

බෝ මල් ගුමු සිවිසල් නිමලි

හා තල් මොර තුරු දං සුනිලි

අඹ දඹ සොඳ සොඳ පලතුරු හැම ලොව

බලැති මෙතුම මැවිලි

මැව් තුම් මනු සත තම රුවසේ

පව් උහු කළො හැර එතුම බසේ

නිර කට ඇරුනිය ගිලිනට දුදනප

මිදුමක් නැත කිසිසේ

කිව් කිව් එවනෙමි ම පුත පවා

සව් පව්කරු ගන්නට ගලවා

බල එතුමගෙ මහ පෙම අප හට දුනි

තම පුතු එකදා පවා

අත් අප හිස් මුදුනට නගමු

දෙව් තුම් පාමුල වැඳ වැටෙමු

තැවෙමුව පව් ගැන සමිඳුගෙ නාමෙන

කරුණාව අදහා එමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →