← Back to all songs
HYMN #B038

සතුටු සිතින් එක්ව සිතින් (රාජාති රාජ වූ)

Sathutu Sithin Ekva Sithin Raajaathi Raaja Voo

සතුටු සිතින් එක්ව සිතින් යේසුව නමදින්න

බැති ගීයෙන් තුති ගීයෙන් යේසුව නමදින්න

ආදරයෙන් කරුණාවෙන් යේසුව නමදින්න

ජීවිතයේ සදාතනින් සමිඳුව නමදින්න

රාජාති රාජ වූ දෙව් සමිඳා

මුළු ලොව එලිය කළා

හාලේලූයියා // නමඳිමු දෙව් සමිඳා

වීණාවෙන් වස් දණ්ඩෙන් යේසුව නමදින්න

සංගීතෙන් ගීත නදින් යේසුව නමදින්න

ජීව ලෙයින් පව් සේදූ දෙවිඳුව නමදින්න

අප ගලවා පෙමින් පිරූ දෙවිඳුව නමදින්න

රාජාති රාජ වූ...

හිරු කිරණේ සඳ කිරණේ යේසුව නමදින්න

රැස් විහිදා එලිය කරන් සමිඳුව නමදින්න

වළාකුලේ තරු සමඟින් යේසුව නමදින්න

සුළං රැලේ එක්ව ගොසින් සමිඳුව නමදින්න

රාජාති රාජ වූ...

මව්වරුනි පියවරුනි යේසුව නමදින්න

ජීවිතයේ තුති ගීයෙන් සමිඳුව නමදින්න

සොහොයුරන් සොහොයුරියන් යේසුව නමදින්න

ආදරයෙන් එක්වීලා යේසුව නමදින්න

රාජාති රාජ වූ...

මහ මුහුදේ ගංගාවේ යේසුව නමදින්න

ගලා යමින් රැළි විහිදා සමිඳුව නමදින්න

වන සතුනි පක්ෂියෙනි යේසුව නමදින්න

හඬ නඟමින් ගීත ගයා සමිඳුව නමදින්න

රාජාති රාජ වූ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →