← Back to all songs
HYMN #B165

සැසෙයි හඬක් අහෝ! ප්‍රේමෙන්

Sasei Hanndak Ahoe Preamen

සැසෙයි හඬක් අහෝ! ප්‍රේමෙන්

කැඳවයි එය ස්වර්ගෙන් නික්ම එයි

ජලඝෝෂාවක් මෙන්ම සැසෙයි

නොමිළයේ කමාව, පිළිගනින් වහාම

එනුව දැන් පාප බරින් හිමි වෙතටා

ලැබේ නිවාඩුව

කල්වරියෙන් මිදීම, ලොව සැම අයට

යේසුගේ මේ මහත් ප්‍රේමේ

උස ගැඹුර කෙසේ පවසම්ද?

කරුණාවෙ මහිම, ලැබගනින් අදම

කැඩුණු සිත් හිමි බඳියි සුවකරලයි

ලැබේ ජීවනය

පූර්වෙමයි නියමය, ගැළවීම දෙන්නට

පියාගේ මේ අභිප්‍රාය සදාකාලේට

එය යේසුගෙන්ය

නිවාඩුව ලැබේය, වෙහෙසවු අයට

මරණේ දැන් ජය කොයිද සාතන් නුඹට?

නිත්‍ය සුදනන්ට

අඳුරේ ගිලුණාවුන්, ආලෝකෙට ගෙනෙමු

ලෙඩින් බොහෝ පීඩිතවුන්

සුව ලැබගන් හිමිගේ පූජාවෙන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →