HYMN
සරණක් නැතිදා කඳුළින් පිරිලා
Saranak Nathidhaa Kanndhulin Pirilaa
සරණක් නැතිදා, කඳුළින් පිරිලා
සිටියා, මා තනි වෙලා
ඔබ මා කැඳවා, අත දිගු කරලා
හඬගැසුවා, මගේ නම කියා
"නුඹ මාගෙයි" කියා, "මම රකිමි" කියා
ඔබෙ තුරුලේ හොවා, ඔබ මා සැනසුවා
යේසුනි...
හද වේදනා, මා දව දවා
අන්ධකාරේ, මා තනි වුනා
ඒ වේදනා, කුරුසේ දරා
ඔබ මා එයින් නිදහස් කලා
මගෙ කඳුළැල් නිවා, මා සනසවා
රැකගත්තේ ඔබයි යේසුනි...
පව්කාර වූ, මගේ ජීවිතේ
ඔබෙ ලෙයිනුයි, සුවපත් කලේ
වචනින් මගේ, පවසම් කෙසේ
දෙවිඳුනි ඒ, ඔබේ ආදරේ
මගෙ හදවත පුරා, ඔබේ නම ලියා
නමදින්නම් සදා යේසුනි...
සරණක් නැතිදා...
"නුඹ මාගෙයි" කියා, "මම රකිමි" කියා
ඔබෙ තුරුලේ හොවා, ඔබ මා සැනසුවා
යේසුනි...
පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →