← Back to all songs
HYMN #B316

සැපැති ගෙදරක් තිබෙයි

Sapathi Gedharak Thibei

සැපැති ගෙදරක් තිබෙයි

ලෙඩ දුකෙන් මිදී තිබෙයි

සමාදානෙන් පිරී තිබෙයි

මගේ ගෙය දිව්‍ය ලෝකෙයි

මා රුවැති රුවැති ගේ //

දිව්‍ය තේජසින් පිරුණ රටේ තිබෙයි

දිලිසෙන දෙව් දූතයින්

සමඟමයි මගේ ගෙය

දුක් කණගාටු දේවලින්

නැතිවෙන ලෝක දෙයින්

පරික්ෂා කඳුළු දුකෙන්

වෙන්වී තිබෙයි මගේ ගෙය

මුතු මැණික් තේජස් මැද

ගැලවුම්කාරයා ඉඳ

මාව සනසයි නිතර

බබළන දිව්‍ය ගෙය

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →