← Back to all songs
HYMN #B156

සැනසුම්කරුතුම වඩිනුව මේදිනේ

Sanasumkaruthuma Vadinuva Meadhinea

සැනසුම්කරුතුම වඩිනුව මේදිනේ

අප සිත් පුබුදුවමින්

පොරොන්දු ආත්මේ අප පිට එවමින්

උරුමෙට නියම කරන්

පාපයේ ආසා නැතිකර දමමින්

දල්වා ආත්මේ බලේ

ප්‍රේමයේ ගිනිකඳ පුරවා මහදේ

රැක දේ නොකැලැල් ලෙසේ

ආත්මේ දීමනා අප මැද එවමින්

වගුරන් ආසිරි බෝ

පුදුමවු මවිතවු බොහෝ දේ කරමින්

ගලවන් පවිටුන් මෙසේ

සග ලොවෙ ප්‍රීතිය හර්දේ සපිරේ

සුරකින් ආත්මෙ මගේ

තේජසෙ දිනටා පූර්ණ වෙමිනා

සමිඳා හමුවනටා

මහිමෙන් මහිමෙට මාරුවේ හිමිසේ

නිර්මල ආත්මේ මගේ

යටහත් සේවේ අමරණේ පැළඳේ

හිමි තුළ සදාකාලේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →