← Back to all songs
HYMN #B387

සමිඳුනි ඔබයි අපේ දිවියේ

Saminndhuni Obai Apea Dhiviyea

සමිඳුනි ඔබයි අපේ දිවියේ

නායකයා නිතිනේ

අපේ හදවත තුළ රජ ඔබවේ

ඔබ හට මහිමය වේ

හැම නව දින ඔබ පාමුලේ

එකතුව අප සැම දණ නැවේ

ඔබ රිසි ලෙස අප

හැම දින ගෙවනට

කන් දෙමු ඔබ හට බැති සිතිනේ

වසන්නෙනි ලොව වසන්නෙනි

මෙයයි අපේ ජය ගී

ගයන්නෙනි ගී ගයන්නෙනි

ගයමුව හිමි හට ජය තුති ගී

දුක සැප අප වෙත එන වෙලේ

ඔබ අප ළඟ බව හැම වෙලේ

දැනගන්නට අප හැම දිරි කළ මැන

දරුවන් ලෙස මිහිපිට ඔබගේ

හඬන්නෙනි ලොව හඬන්නෙනි

ඔබේ ලඟයි ඒ හිමි

ගෙවන්නෙනි දිවි ගෙවන්නෙනි

පිළිගමු ඒ හිමි පිය ලෙසිනි

යුද බිම තනිකම ජීවිතේ

මරණය රෝ බිය හිරිහැරේ

කුසගින්නෙදි මේ හැම මැද අප හිමි

පියතුම ලෙස අප පිළිගන්නේ

මිනිස් ලොවේ සැම වෙනස් වුවත්

ඉර සඳ නොපෑවුවත්

පොළොවද පහතට ගිලී ගියත්

පියතුම අප අමතක නොකරන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →