← Back to all songs
HYMN

සමිඳුනි ඔබ හැර නෑ වෙන දෙවි කෙනෙකු

Saminndhuni Oba Hara Naa Vena Dhevi Keneku

ශුද්ධාත්මයාණන් · Holy Spirit

සමිඳුනි ඔබ හැර නෑ

වෙන දෙවි කෙනෙකු මා සිතේ

උදෑසනින් පිබිදී මා හද

ඔබ සොයා ඇදී යන්නේ

වියලුනු දේශයක

ජලය නැති වුනත්

වෙහෙස ඇති වුනත්

මගෙ ආත්මය ඔබ කෙරෙහි

පිපාසයෙන් ඔබ සොයන්නේ //

දෙවිඳුන්ගේ බලයෙන් මා පුරවන්

එතුමන්ගේ මහිමය දකින්නටා

හදවත උතුරා යයි සතුටින්

ශුද්ධ ස්ථානයේ රැඳෙමි මෙමා

දෙවිඳුන්ගේ බලයෙන් මා පුරවන්

එතුමන්ගේ මහිමය දකින්නටා

හදවත උතුරා යයි සතුටින්

ශුද්ධ ස්ථානයේ රැඳෙමි මා සදා

සමිඳුනි ඔබ හැර නෑ...

මගේ මුළු සිතින් ඔබව සොයන්නම්...

මගෙ ආත්මය ඔබ කෙරෙහි...

දෙවිඳුන්ගේ බලයෙන් මා පුරවන්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →