← Back to all songs
HYMN #B338

අතින් නොසෑදූ දෙවිඳුන් රම්‍ය පුරේ

Athin Nosaadhoo Dhevinndhun Ramya Purea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

අතින් නොසෑදූ දෙවිඳුන් රම්‍ය පුරේ

සර්ව දනන්ගෙන් සුදන් පිරේ

වීදි රනින් සැදි දිලෙනා නගරේ

ආ! යන්න මා ආසා වේ

රුවුන්වූ සාලෙම් යන්ටා ආසාවෙම්

ස..මි..ඳුන් මා පිළිගන්ට හිඳිම්

වෙහෙසින් මිදී නිවාඩු ලබම්

මා මීරි විමන් දකිම්

මනරම් දොලොස් අත්තිවාරම් පෙනෙනා

හිමි දසුන් මහිමයෙනා

වේද සාක්ෂික තේජස් පවුරේ දිලෙනා

ආ! යන්න මා ආසා වේ

මුතු වාසල් පුරාතනයන් සේ පෙනේ

ජීවනේ ගඟ ගලා යන්නේ

හිමි නැණ ගෙනදේ ජීවේ ගසිනේ

ආ! යන්න මා ආසා වේ

එහි සෝකේ හා සාපේ නැත්තේ සැමදා

අඳුරු වලා නිත් නොවනා

මේස පොවුන් තුළේ වූ සුදන් පිවිසේ

ආ! යන්න මා ආසා වේ

පිය පුත් සිහසුන් සියොනේ බැබළේ

රජ කරනා ඒ මතුයේ

ප්‍රථම ඵලයේ මිදුම් ගීය ඇසේ

ආ1 යන්න මා ආසා වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →