← Back to all songs
HYMN

සමිඳුන් පාමුල මා සිටින විට

Saminndhun Paamula Maa Sitina Vita

සමිඳුන් පාමුල මා සිටින විට

සහනය දේ මා හදවතට

සෝ සුසුම් වේදනා මැදින් යන විට

සමිඳුන් මා ඔසවාගෙන යයි

ජීවිත ගමන

මහිම වේවා, ප්‍රශංසා වේවා

පැසසුම් වේවා, දෙවින්දුන් හට //

සෙත් ආසිරි දුන් සමිඳුනි

ඔබට ගයම් පැසසුම් ගී

දොහොත් මුදුන් දී ඔබව වඳිම්

අපෙ දෙවිඳුන් ඔබම වේ

ලෙඩින් දුකින් බෝ පීඩිත වුන්ට

ඔබගේ උතුම් කරුණාව

සෑහේ ඔබේ උතුම් ප්‍රේමය

මහිමවේ යේසුස් රජුන් හට

මහිමවේ යේසුස් රජුන් හට

සමිඳුන් පාමුල...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →