HYMN #B155
සමිඳුන් ජය ලද දෙරණේ
Saminndhun Jaya Ladha Dheranea
සමිඳුන් ජය ලද දෙරණේ
එකමුතු වෙමු අපි සැමදා
මිතු දහමින් මව් දෙරණේ
සියලුම දැය බැති අරඹා
මේ ලක් දෙරණේ සරුසාරවත් //
කෙම් බිම ඔබ වෙයි සමිඳේ
එහි ඵල නිසි ලැබගන්ටා
දෙනු මැන ශුද්ධාත්ම වරම්
ශුද්ධාත්මෙනි //
දෙන්න ඔබගේ වරම්
කිතු දන පුබුදාලන්ටා
දෙනු මැන ශුද්ධාත්ම වරම්
පෙරලෙන පසමත පීදෙන
අස්වැන්න ඔබයි සමිඳේ
පිබිදෙන පියුමක රොන් දෙන
පැණි බිඳුව ඔබයි සමිඳේ
සමිඳුන් ගිය මග යමු දැන්
යුතුකම් නිසි ලෙස පහදා
අභිමන් සිරිලක් දෙරණේ
කිතු ආලෝකය වඩවා
ගුණදම් සුරකිමු සැමදා
දෙගුරුන් ගුරුන් සලකා
දම්ටු වූ ලොවක් සදමු
අපි අලසව සිට නොනිදා
ජීවනේ මාර්ගය සත්‍යය
සිහි කර යමු පෙරට සදා
සමිඳුගේ දෙව් වදන් ලෙසේ
සග මඟ එළි කරමු මෙසේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →