HYMN
සමිඳු මඟ යමිනා දේව භයින් වසනා
Saminndhu Mannga Yaminaa Dheava Bhain Vasanaa
සමිඳු මඟ යමිනා දේව භයින් වසනා
කිතු පවුලක් වෙමු අපි සැවොම
දෙවිඳුන් හට ගෞරව ගෙනෙන
සියොනේ සිට සමිඳුන් ආසිරි
වගුරයි අප දිවි වෙත නිරතුරු සැමදා
නුවණ ලබමු අපි දේව භයින්
දවස් වැඩි වෙයි දේව භයින්
මහත් නිසැකකම දේව භයින්
සමිඳු මඟ යමු දැන්
සොයුරු සොහොයුරියන් නෑසියන් මිතුරන්
මාපිය දූදරු අපි සැවොම
ඵල දරමුව දෙව් මහිමයට
සියොනේ සිට සමිඳුන් ආසිරි
වගුරයි අප දිවි වෙත නිරතුරු සැමදා
නපුරෙන් දුරු වෙමු දේව භයින්
ජීවනෙ ලැබගමු දේව භයින්
ධනය ගෞරවය දේව භයින්
ආසිරි ලබමු ඉතින්
සමිඳු මඟ යමිනා දේව භයින් වසනා
කිතු පවුලක් වෙමු අපි සැවොම
දෙවිඳුන් හට ගෞරව ගෙනෙන
සියොනේ සිට සමිඳුන් ආසිරි
වගුරයි අප දිවි වෙත නිරතුරු සැමදා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →