← Back to all songs
HYMN #B388

සමිඳු මගේ සිත සමිඳු ඔබේ සිත

Saminndhu Magea Sitha Saminndhu Obea Sitha

සමිඳු මගේ සිත

සමිඳු ඔබේ සිත

විමසා දැන ගන්නේ

අපේ කිළුටුකම පිරිසිදු කරනට

නමදිමු ඔබ සමිඳේ

ලෞකික දේටා සිත යොමු කරලා

වැරදි මගක යනවා

දෙවි සමිඳානෝ මාව සොයාගෙන

මා පසු පස එනවා

යේසුස් සමිඳා කරුණාවන්තයි

පෙම්බර පියෙකු වගේ

සියළු දෙනාගේ දුක්බර උසුලා

තම ජීවය පිදුවයි

ප්‍රීතිය සාමය සියළුම දේදී

අපව මෙසේ සරසයි

අනගි ලෙයින් අපගේ පව් සෝදා

ආසිරි නිති වගුරයි

යේසුස් සමිඳේ ඔබ තුරුලේ මා

නිති ජීවත් වෙනවා

උදේ සවස ඔබේ පාමුළ නමමින්

බලයද ඉල්ලනවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →