HYMN
සැමදා ස්තුති දෙමි, ස්තුති දෙමි යේසුස් රජුන් හට
Samadhaa Sthuthi Dhemi Sthuthi Dhemi Yeasus Rajun Hata
සැමදා ස්තුති දෙමි, සැමදා ස්තුති දෙමි
මා පුදුම ලෙසත්, භයංකාර ලෙසත්
මා සෑදූ දෙවිඳුන්ට
ස්තුති දෙමි, ස්තුති දෙමි
යේසුස් රජුන් හට ///
ස්තුති දෙමි...
මා රහසින් මවනු ලැබ
පොළොවේ ගැඹුරු තැන්වල
පුදුමෙන් පුදුමෙට, මා සෑදුවේ
මගෙ ශරීර රූපය
ඔබගෙන් සැඟවී තිබුනේ
කිසිවක් නැති කළ, නිර්මාණ කලේ
ස්තුති දෙමි, ස්තුති දෙමි
යේසුස් රජුන් හට ///
ස්තුති දෙමි...
මගෙ හද විමසුව මැන
මගෙ සිත දැනගත මැන
ඔබගේ හස්තයේ මා සඟවන්න
මා පරික්ශා කොට
මගෙ සිතිවිලි දැනගන්න
සදාකාල ජීවේ මා ගෙනයන්න
ස්තුති දෙමි, ස්තුති දෙමි
යේසුස් රජුන් හට ///
ස්තුති දෙමි...
නිර්මාණය, ගායනය: ශමිලා රොඩ්‍රිගෝ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →