← Back to all songs
HYMN

සැමදා ප්‍රීතියයි මගේ යේසුස් මා හට දෙයි

Samadhaa Preethiyai Magea Yeasus Maa Hata Dhei

සැමදා ප්‍රීතියයි මගේ යේසුස් මා හට දෙයි //

ස්තුතිවේ // ස්තුති කරමින් සිටිමි //

හාලේලූයියා ප්‍රීතියදේ ////

උත්තම පාමුල පරාක්‍රම සෙවනේ

සැමදා ඉන්නෙමි //

ඔබ දෙස බලලා මා පර්වතයයි

සැමදා කියන්නෙමි //

හාලේලූයියා ප්‍රීතියදේ ////

පියාපත් සෙවනේ රැකවල් කරලා

ඔබ මා රැකගනී //

එතුම්ගේ වචනය ආත්මේ කඩුවකි

එය මගේ පලිහවේ //

මාවතේ සැමදා මා රැක ගන්නට

දූතයෝ ඔබ එවයි //

පාදය මාගේ පැකිලෙන්ට නාරි

දෝතින් මා දරයි //

සිංහයෝ මැද්දෙන් සර්පයෝ පාගා

ඔබ වෙත දිව එමි //

සාතන්ගේ මාවත් බිඳ හෙලන්නට

බලය මට ඇතේ //

හාලේලූයියා ප්‍රීතියදේ ////

ස්තුතිවේ // ස්තුති කරමින් සිටිමි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →