HYMN #B386
සගයට පොළොවට අධිපතිකම්ලත්
Sagayata Polovata Adhipathikamlath
සගයට පොළොවට අධිපතිකම්ලත්
දෙවිඳුයි අප අදහන්නේ
එම්මානුවෙල් ඒ
දෙවිඳුන් අප සමඟින්නේ
යොවුන් වයසේ මැවුම්කරුතුම්
සිහිකරන්නට වරම් ලද්දෝ අපි
අබ්බා පියාණෙනි කියන්න
දෙවිඳුට පුත්කම ලද්දෝ අපි
දුබල දණහිස් දෙ අත් සවිමත්
කරගනිමු හිමි මුහුණ සොයමු අපි
දෙවිඳුන්ගේ වචනය
නිභයව පවසන්න
ඔබ මම එකතු වෙමු
යකුට එරෙහිව පෙරට යන්නට
ශුද්ධ ආත්මේ බලය ලබමු අපි
අපෙ හොඳක් නැත
අපි කිසිත් නැත
දෙවිඳුන් අපව රකී
එවිට අන්ධයෝ දකිති බිහිරන්
අසති ගොළුවෝ ගී කියනු ඇතිමයි
කොරා පැණ යයි මුවෙකු විලසින්
කතරේ උල්පත වෙයි
සමිඳු මෙලෙසින් මුදනු ලැබුවන්
සියොන වෙත හැරී ඒය ගී කියමින්
සදාකාලික සතුට සුව මිස
නැත දුක සෝ සුසුමන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →