HYMN #B102
සගපුර වැඩියා යේසු රජිඳා
Sagapura Vadiyaa Yeasu Rajinndhaa
සගපුර වැඩියා යේසු රජිඳා
එතුමගේ සුරමිරි ජය ලදිනා
කලකට සිරුරින් ලොව වැඩ සිටිමින්
දැන් හාලේලූයියා
සගයේ ජය කිරුළය ඔබටා
මරු පරදා පව් වැනසු නිසා
තෙදයෙන් යකු බිඳ අප හට සග දුන්
ප්‍රීති හාලේලූයියා
යේසු සමි අත් ඔසවා නගිනා
බලනුව සිදුරු වූ දෙ අත් දෙපා
ලබනුව සමි දෙන සගයට ආසිරි
තුති වේ හාලේලූයියා
ඔබ සගපුර වැඩහිඳින කලා
දුබලවූ කිළුටු වූ අපද බලා
නිති ඔබ මුව දැක ඔබහට වඳිනට
වර දෙන් හාලේලූයියා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →