← Back to all songs
HYMN #B154

සගදොර අරිනු මැනා දෙවිඳේ

Sagadhora Arinu Manaa Dhevinndhea

සගදොර අරිනු මැනා දෙවිඳේ

එවනුව බලය බෙදා //

දුබල වූ මා පුබුදන් සමිඳේ

බලයෙන් පුරවනු දැන් //

සමිඳුන්ගේ සුර අත විහිදා

සකලවු ආසිරි දෙනු නොමඳා //

පොළොවේදී මෙන් ක්‍රියා කරන්

පුබුදන් අප සිත් සුදත් බලෙන් //

සගයෙන් ගින්නක් එවනු මැනා

දවනුව ස්වාමිනි දුගිති සැමා //

පතනෙමු ඔබගේ සරණ මෙදා

බාරවෙමින් සමිඳුන් අතටා //

ඔබගේ ප්‍රේමෙන සිත පුරවන්

පිරිසිදු වෙමි ජය ගෙන පාපෙන් //

සුමිහිරි වදනින් කතා කරන්

ඔබෙ රුවටා මා මාරු කරන් //

අන්තිම වර්ෂා එවනු සැමා

එකවර මුලු සබයම පුබුදා //

අනගි වූ ඵලයක් වෙමි ඔබටා

එක්වෙමි සුදනන්ගේ කැලටා //

ජාති බේද කුල වංශ සැමා

ඉසිවෙර මානය දුරු කරලා //

හද බැති ප්‍රේමෙන් ඔකඳ වෙලා

දිවි ගෙවමුව මෙහි වසන තුරා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →